• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් තොරතුරු හා සන්නිවේදන පද්ධති (PICS) ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකා පොලීසිය සඳහා තොරතුරු හා සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය, නවීන තාක්ෂණයට අනුකූලව 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, එහි පළමු අදියර යටතේ බස්නාහිර පළාත ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘතියක් වශයෙන් එය ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත ව්‍යාපෘතියේ දෙවන අදියර මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.