• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල ඉදි කිරීම් සංවර්ධන කටයුතු සඳහා උපදේශක සේවා ලබාගැනීම
- ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ ඉදි කිරීම් කටයුතුවලදී ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙතින් උපදේශක සේවා ලබාගැනීම සිදු කෙරේ. එසේ වුවද, එම ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු තවදුරටත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා වෙනත් රාජ්‍ය ආයතනවලින් ද උපදේශක සේවා ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව, ක්‍රීඩා අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන වල ඉදි කිරීම් සංවර්ධන කටයුතු සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අමතරව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව, රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනවලින්ද, ත්‍රිවිධ හමුදාව වෙතින්ද උපදේශක සේවාවන් ලබාගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.