• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අංගොඩ ප්‍රදේශයේ අලුතින් ඉදි කෙරෙන මහල් නිවාස සංකීර්ණයේ නිවාස අලෙවි කිරීම
- 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ, කොළඹ නගරයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් පදිංචි කරවීම සඳහා නිවාස ඒකක 500කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක්, අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර 05ක ඉඩම් කොටසක් තුළ ඉදි කෙරෙමින් පවතියි. එහි වැඩකටයුතු අවසන් වීමට ආසන්නව ඇත. එහෙත් විවිධ හේතු නිසා කොළඹ නගරය තුළ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් කොළඹ නගර සීමාවෙන් බැහැර ප්‍රදේශවල පදිංචි කරවීමේ ප්‍රායෝගික අපහසුතා මතු වී තිබේ.

එබැවින්, රුපියල් මිලියන 4ත් 5ත් අතර මුදලකට මිල කළ හැකි මෙම නිවාස ඒකක, පුවත්පත් දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද ඇතුළුව පහළ මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.