• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ 'ජාතික විද්‍යා දිනය' සහ 'ජාතික විද්‍යා සතිය' සැමරීම
- සමාජය උදෙසා විද්‍යාවේ ඇති වැදගත්කම සහ සාමය හා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි දී විද්‍යාවට හිමිවන කාර්යභාරය ඉස්මතු කර පෙන්වීම සඳහා සෑම වර්ෂයකම නොවැම්බර් මස 10 දින 'ලෝක විද්‍යා දිනය' වශයෙන් සමරනු ලැබේ. ඊට සමගාමීව ශ්‍රී ලංකාව තුළද 'ජාතික විද්‍යා දිනය' සහ 'ජාතික විද්‍යා සතිය' සැමරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

ඒ අනුව, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී හා තිරසර සමාජයක් නිර්මාණය කිරීමේදී විද්‍යාවට හිමිවන කාර්යභාරය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම හා සවිබල ගැන්වීම ඇතුළු විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් විවිධ වැඩසටහන්වලට මුල්තැන දෙමින් සෑම වසරකම නොවැම්බර් මස 10 වන දින 'ජාතික විද්‍යා දිනය' ලෙස සහ එදිනෙන් ආරම්භ වන සතිය 'ජාතික විද්‍යා සතිය' ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.