• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ උචිත තාක්ෂණය දියුණු කිරීමේ සහ බුද්ධිමය දේපළ බෙදා හදා ගැනීමේ ව්‍යාපෘතිය (2017)
- ඉහළ සහ පහළ මට්ටම්වල තාක්ෂණයන් අතරමැද ස්ථානයක වර්ගීකරණය වී ඇති උචිත තාක්ෂණය (Appropriate Technology) යනු සංවර්ධනය වන රටවල ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමටත්, දරිද්‍රතාවෙන් මිදීමටත් භාවිත කළ හැකි කාර්යක්ෂම හා පිරිවැය ඵලදායී විසඳුමකි. බුද්ධිමය දේපළ බෙදා හදා ගැනීම මඟින් සංවර්ධනය වෙමින් පවත්නා රටවල වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා උචිත තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් දකුණු කොරියානු ජනරජයේ බුද්ධිමය දේපළ කාර්යාලය (KIPO) සහ කොරියානු නවෝත්පාදන ප්‍රවර්ධන සංගමය (KIPA) විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

එම ව්‍යාපෘතිය යටතේ, පොල් කුඩු භාවිතයෙන් මෙරටට සුදුසු පොල්තෙල් නිස්සාරකයක් නිපදවීමට හා ඒ ආශ්‍රිත සන්නාම වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. මෙම උචිත තාක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.