• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලැබීමට යෝජිත ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන වෙත ප්‍රමාණවත් පහසුකම් සැලසීම හා නිසි ක්‍රමවේදයක් සකස් කර දීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මේ සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන නිසි වැඩපිළිවෙළක් මඟින් විසඳුම් ලබා දීම සුදුසු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ යටතේ, අධික ජනගහනය හා ශීඝ්‍ර කාර්මීකරණය හේතුවෙන් විශාල වශයෙන් නාගරික ඝන අපද්‍රව්‍ය එකතුවන ගම්පහ දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන විසින් එක්රැස් කරනු ලබන ඝන අපද්‍රව්‍ය විධිමත් පරිදි කළමනාකරණය සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් සහ කාබනික පොහොර නිෂ්පාදන අංගණයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් රුපියල් මිලියන 989 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.