• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ සඳහන් අඩුපාඩු සම්පූර්ණ කිරීම
- පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ නිර්දේශ මත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ඇතැම් පළාත් පාලන මැතිවරණ කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම්වල නම් හා අංක, සභික සංඛ්‍යාව, මායිම් ආදිය සම්බන්ධ ගැටලු, මුද්‍රණ දෝෂ, අක්ෂර වින්‍යාස දෝෂ ආදී අඩුපාඩු පවතින බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.

එබැවින්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවත්වීමට හැකි වන පරිදි එවැනි ගැටලු සහිත සීමා මායිම් සම්බන්ධ දෝෂ නිරාකරණය කර සංශෝධිත ගැසට් නිවේදනයක් පළ කිරීම අවශ්‍ය වේ. ඒ පිළිබඳ පරීක්ෂා කර සති දෙකක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධාන යටතේ නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.