• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන අදියර ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර මනා සබඳතාවක් ගොඩනැඟීමේ අරමුණින් මහාමාර්ග සංවර්ධනය සඳහා ආරම්භ කරනු ලැබ දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව් වන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 168ක් පමණ වැය වේ. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් සංවර්ධන අරමුදලින් ලබාගැනීමට නියමිතය. ඊට අදාළ ණය සම්මුති සාකච්ඡා පැවත්වීමට සහ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බලය පැවරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.