• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පශු සම්පත් ක්ෂේත්‍රයේ පශු වෛද්‍ය නිලධාරින් සඳහා නූතන ගව පාලන ක්‍රම පිළිබඳව පුහුණුව ලබා දීම
- දේශීය කිරි කර්මාන්තය පසුගිය කාල වකවානුව තුළ සැලකිය යුතු ලෙස දියුණු වී ඇති අතර එම ක්ෂේත්‍රයේ පුහුණු විශේෂඥ දැනුම සඳහා පවතින ඉල්ලුමද වැඩි වී තිබේ. එබැවින්, නූතන කිරිගව පාලන ක්‍රම හ‍ා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂඥ පුහුණුවක් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රයේ පශු වෛද්‍ය නිලධාරින් සඳහා ලබාදීමට යෝජනා වී තිබේ. ඒ අනුව, කිරිගව පාලනයට සම්බන්ධ ව්‍යාප්ති සේවයේ යෙදෙන පශු වෛද්‍ය නිලධාරින් 10 දෙනෙකු බෙලරුස් රාජ්‍යයේ කෘෂි තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය විශ්වවිද්‍යාලයේදී පුහුණු කිරීම පිණිස එම විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතා ගිවිසුමක් ඇති කර ගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.