• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නුගේගොඩ, මිරිහාන පොලිස් භට නිවාස හා භෝජනාගාර ගොඩනැඟිල්ල ඉදි කිරීම
- නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පොලිස් භට නිවාස හා භෝජනාගාරය සඳහා ඉදිකිරීමට යෝජිත මහල් 06කින් යුත් ගොඩනැඟිල්ලේ 03වන මහල දක්වා වන මූලික ඉදි කිරීමේ කටයුතු 2008 වර්ෂයේදී අවසන් කර තිබේ. මෙහි ඉතිරි ඉදි කිරීම් වැඩ කටයුතු අවසන් කිරීම පිණිස සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 340.6ක මුදලකට, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රීපාලි කන්ට්‍රැක්ටර්ස් පුද්ගලික සමාගම අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.