• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම, නොරොච්චෝලෛ, වික්ටෝරියා වතුයායේ නිවාස සංකීර්ණයේ පාරවල්, බෝක්කු සහ වීදි විදුලි පහන් ඉදි කිරීම
- පුත්තලම ලක්විජය බලාගාරයේ II අදියර යටතේ, පුත්තලම, නොරොච්චෝලෛ, වික්ටෝරියා වතුයායේ නිවාස සංකීර්ණයේ පාරවල්, බෝක්කු සහ වීදි විදුලි පහන් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 332.7ක මුදලකට, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Sierra Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.