• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, ආපනශාලාවක් සහ වැඩහලක් ඉදි කිරීම
- වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, ආපනශාලාවක් සහ වැඩහලක් ඉදි කිරීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ඉදි කිරීම් සඳහා අවශ්‍ය උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.