• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෙද පීඨය ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ හෙද කාර්යමණ්ඩලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා හෙද කාර්යමණ්ඩලයේ වැඩි සංඛ්‍යාවක් උපාධිධාරින් වශයෙන් පුහුණු කර සෞඛ්‍ය සේවාවට එකතු කරගැනීම පිණිස විශේෂ හෙද පීඨයක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබ තිබේ. මේ සඳහා අවශ්‍ය සැලසුම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා විශ්විවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එකඟතාව පරිදි සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර හෙද විදුහල් භූමියේ ඉදි කිරීමටත්, එහි ප්‍රධාන ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැඟිලි සංකීර්ණය මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහල් භූමියේ ඉදි කිරීමටත් සැලසුම් කර තිබේ. එම ඉදි කිරීම්වලට අදාළ කොන්ත්‍රාත්තු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.