• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම පිණිස වන ව්‍යාපෘතිය - යකඩ පාලම් කොටස සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ඉදි කළ යුතු යකඩ පාලම් කොටස ඉදි කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර ඉදි කිරීම්කරුවන් වෙතින් ලංසු කැඳවනු ලැබ තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම යකඩ පාලම් කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 31,539ක මුදලකට JFE Engineering Corporation, Mitsui Engineering, Shipbuilding Co. Ltd. සහ TODA Corporation යන ආයතනවලින් සැඳුම්ලත් ජපානයේ JMT හවුල් ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.