• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කඩුවෙල - අතුරුගිරිය මාර්ගය සහ වල්ගම - අතුරුගිරිය මාර්ගය වැඩි දියුණු කිරීම
- බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) වෙතින් ලැබී ඇති අරමුදල්වලින් කොටසක් උපයෝගි කරගනිමින් කඩුවෙල - අතුරුගිරිය (බී 174) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.9.5 දක්වා මාර්ග කොටස සහ වල්ගම - අතුරුගිරිය (බී 451) මාර්ගයේ ආරම්භයේ සිට කි.මී.1.2 දක්වා මාර්ග කොටස වැඩි දියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම ඉදි කිරීම් සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි එම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,065ක මුදලකට සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Hovael Constructions (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.