• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මරදාන දුම්රිය ස්ථානයේ සිට මාළිගාවත්ත දක්වා පාලම් හා දුම්රිය මාර්ග සැලසුම් කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
- ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාලයේ කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශ ආශ්‍රිත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් 2035 වර්ෂය වන විට දුම්රිය සේවා සඳහා ඇති වන ඉල්ලුම සපුරා ලීම සඳහා 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහි පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට අවසන් කරනු ලැබ ඇති අතර, කෙටි කාලීන සංව‍ර්ධන යෝජනාවක් වශයෙන් මරදාන සිට මාළිගාවත්ත දක්වා නව දුම්රිය මාර්ග 04ක් පමණ ඉදි කිරීමට එමඟින් සැලසුම් කර තිබේ. මෙම අමතර දුම්රිය මාර්ගය ඉදි කිරීමටත්, ඒ සඳහා මාළිගාවත්ත පාසල් පටුමග පාලම හා මරදාන මගී පාලම පුළුල් කිරීමටත් අවශ්‍ය වන උපදේශක සේවාවන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ සහායද සහිතව මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.