• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ නව ගොඩනැඟිල්ලේ 2 වන අදියර සම්පූර්ණ කිරීම
- ක්‍රීඩාව හා සබැඳි සිහිවටන සහ ‍ෙඑතිහාසික තොරතුරු සංරක්ෂණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගනිමින් කොළඹ 07, නිදහස් මාවතේ 'ජාතික ක්‍රීඩා කෞතුකාගාරය' ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන සිදු කෙරෙමින් පවතී. ජාතික ක්‍රීඩා සංගම්වල ඉතිහාසය, ක්‍රීඩා හා සම්බන්ධ වාර්තා ඇතුළත් දත්ත ගබඩාවක් හා ලේඛණාගාරයක්, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි පිළිරූ ආදී අංගයන්ගෙන් මෙම කෞතුකාගාරය සමන්විත වනු ඇත.

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මෙම කෞතුකාගාරය විවෘත කිරීමට නියමිත අතර, එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු, ගෘහ අලංකරණ හා විද්‍යුත් උපකරණ සවිකිරීමේ කාර්යයන් ආදීය සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙන් කරගැනීමටත්, ක්‍රීඩාව හා සම්බන්ධ පැරැණි තොරතුරු, ඡායාරූප, වීඩියෝ දර්ශන, භාණ්ඩ හා ලිපි ලේඛන ආදිය අදාළ රාජ්‍ය ආයතන වෙතින් මෙම ජාතික ක්‍රීඩා කෞතුකාගාරය වෙත ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.