• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව ක්‍රීඩා කාර්යසාධන පරීක්ෂණාගාරය ඉදි කිරීම
- ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගැනීම සඳහා සහජ කුසලතාව හා ගතානුගතික පුහුණු ක්‍රම පමණක් ප්‍රමාණවත් නොවන අතර, පුහුණුව සඳහා නූතන තාක්ෂණික යන්ත්‍ර සහ නිවැරදි හා යාවත්කාලීන පුහුණු ක්‍රම ශිල්ප උපයෝගී කරගැනීමද අවශ්‍ය වේ. ආබාධ ඇතිවීම පාලනය කරගනිමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උපරිම මට්ටමක පවත්වා ගැනීම සඳහා මානව චලන හා ව්‍යූහමය අඩු පාඩු විශ්ලේෂණය කරනු ලබන 'මානව ක්‍රීඩා කාර්යසාධන පරීක්ෂණාගාර' පහසුකම් දියුණු රටවල් විසින් භාවිත කරනු ලබයි.
,br> ශ්‍රී ලංකාවේද මෙවැනි මානව ක්‍රීඩා කාර්යසාධන පරීක්ෂණාගාරයක් ඉදි කිරීම ආරම්භ කර ඇති අතර, එහි කටයුතු මෙම වසරේදී අවසන් වනු ඇත. වෘත්තීයමය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උපරිම තලයක පවත්වා ගැනීම සඳහා මෙම පරීක්ෂණාගාරය මනා පිටිවහලක් වනු ඇත. ඒ අනුව, එම පරීක්ෂණාගාරය සඳහා උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමේ සහ විශේෂඥ සහාය ලබාගැනීමේ කටයුතු ආරම්භ කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.