• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුණෑගල නගර සීමාව තුළ හා වාරියපොළ නගරයේ නව ජාතික පාසල් දෙකක් පිහිටුවීම
- කුරුණෑගල මහනගර සීමාව තුළ සිංහල මාධ්‍ය ජාතික පාසල් 09ක් පවතින අතර, එම පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ඉල්ලුම්පත් 5,228ක් ලැබී තිබුණද, ඉන් ඇතුළත් කරගත හැකිව ඇත්තේ සිසුන් 1,425ක් පමණි. එමෙන්ම වාරියපොළ නගරය ආශ්‍රිතව දැනට එක් ජාතික පාසලක් පමණක් පවතින අතර, එම පාසලේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2016 වර්ෂයේදී ලැබුණු ඉල්ලුම්පත් 503ක් අතුරින් අවස්ථාව සැලසිය හැකිව ඇත්තේ ඉල්ලුම්කරුවන් 240කට පමණි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, සියලු පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල් 02ක් ගැහැණු පිරිමි මිශ්‍ර පාසල් වශයෙන් කුරුණෑගල සහ වාරියපොළ යන මැතිවරණ කොට්ඨාස තුළ පිහිටුවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද, ජාතික පාසල් පිහිටුවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.