• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පුහුණුව ලබන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දෛනික ආහාර පාන දීමනාව වැඩි කිරීම
- පාසල් සඳහා ගුරුවරුන් පුහුණු කරනු ලබන ජාතික අධ්‍යාපන පීඨ 19ක් මෙරට ක්‍රියාත්මක වන අතර, ශික්ෂණලාභීන් 12,558 දෙනෙකු ඒවායේ දැනට නේවාසිකව අධ්‍යයන කටයුතු සිදු කරති. මෙම ශික්ෂණලාභීන් සඳහා නේවාසික පුහුණු කාල සීමාව තුළ ආහාර පාන දීමනා වශයෙන් රුපියල් 3,500/-ක් මාසිකව ලබා දෙනු ලබන අතර, එම දීමනාව වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඉහළ නැංවීම සුදුසු වේ. ඒ අනුව, එම මාසික දීමනාව රුපියල් 5,000/- දක්වා වැඩි කිරීමටත්, සීමාවාසික පුහුණු කාලයද ඇතුළත්ව වසර 03ක සම්පූර්ණ පුහුණු කාලය සඳහාම එම දීමනාව ලබා දීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.