• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රැඳවුම් භාරයේ පසුවන තැතැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 2013‍ අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
- නීතිඥවරයෙකුගේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් රැඳවියෙකු සතු අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා 2013 අංක 02 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා වූ ප්‍රතිශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සඳහා ද අනුමැතිය ලබා දෙන ලදී.

ප්‍රතිශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත නැවත ඉදිරිපත් කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසීය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කරනු ලැබ ඇති අතර, ඒ සියලු පාර්ශ්ව විසින් ප්‍රතිශෝධිත පනත් කෙටුම්පත ඒකමතිකව පිළිගනු ලැබ තිබේ. ඒ අනුව, මූලිකව වර්ෂ 04ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය සහ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.