• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුළු වාරිමාර්ග ආශ්‍රිතව හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- පසුගිය කාල‍සීමාව තුළ දිවයිනට බලපෑ නියං හා ජල ගැලීම් තත්ත්වයන්හි වර්ධනය සැලකිල්ලට ගැනීමේදී දේශගුණික විපර්යාස හේතුවෙන් ‍කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුවන බලපෑම අවම කිරීමට හා ඊට අනුගතවීම සඳහා පියවර ගැනීම අවශ්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති මුදල් අදාළ අමාත්‍යංශවල ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් විසින් නිර්දේශ කර ඇති පරිදි වියළි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි සුළු ගොවීන්ගේ ගොවිපළවල් කරා නවීන කෘෂි තාක්ෂණය ගෙන යාමට හැකි වන පරිදි ගොවිපළ ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමටත්, දැනට පවතින කෘෂි ළිං ප්‍රතිසංස්කරණය කර ජල සංරක්ෂිත වගාවන් කෙරෙහි ගොවි ජනතාව වැඩි වශයෙන් යොමු කිරීමටත් වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.