• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විධිමත් කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
- ස්වාභාවික ව්‍යසනයන් නිසා කෘෂිභෝගවලට සිදුවන හානිය පියවා ගැනීමේදී ගොවි ජනතාව මුහුණ දෙනු ලබන අපහසුතාව සැලකිල්ලට ගෙන ආරම්භයක් වශයෙන් වී, බඩඉරිඟු, සෝයා, ලොකුළූණු, අර්තාපල් හා මිරිස් යන වගාවන් හය සඳහා අක්කරයකට රුපියල් 40,000/- බැගින් රක්ෂණාවරණයක් සැපයීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ එක්ව සුදුසු යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.