• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල් ක්ෂේත්‍රයේ කාර්යසාධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති
- ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්නෙන් 70%ක් පමණ ගෘහස්ත පරිභෝජනයට යොදා ගනු ලබන අතර ඉතිරිය පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා භාවිත කෙරේ. පොල් මද ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මඟින් 2016 වර්ෂයේදී පමණක් රුපියල් බිලියන 84ක විදේශ විනිමය ආදායමක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. පොල් වගා භූමි ප්‍රමාණය සීමිත වීමත්, විවිධ කාලගුණික සාධකයන්හි බලපෑමත් හේතුවෙන් දේශීය පාරිභෝගිකයා මෙන්ම පොල් වගාකරුවාද ආරක්ෂා කරගනිමින් පොල් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කළ යුතු වේ. ඒ අනුව, පොල් අස්වැන්න ඉහළ නංවා ලීම හා පොල් වගා ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නංවා ලීම අරමුණු කරගනිමින්, විශේෂයෙන් උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල පොල් වගාවේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ආදර්ශ පොල් වතු ස්ථාපිත කිරීම සහ පොල් වගා ක්ෂේත්‍රය සඳහා පුහුණු ශ්‍රමික බලකායක් ස්ථාපිත කිරීම යන වැඩසටහන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.