• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ ප්‍රදේශයක් සංවර්ධනය කිරීම
- කොළඹ නගරයේ ශීඝ්‍ර සංවර්ධනයත් සමඟ කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන මහජනතාව සඳහා පොදුවේ භාවිත කළ හැකි වෙරළ තීරයක් සංවර්ධනය කර සකස් කර දීම අවශ්‍යතාවක්ව පවතී. එබැවින්, මහජනතාවගේ විනෝදාස්වාද කටයුතු සඳහා කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා විනෝදාස්වාද වෙරළ තීරයක් සංවර්ධනය කිරීමටත් එමඟින් මුහුදු ඛාදනය අඩු කරගැනීමට හා අතිරේක දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය ඉඩකඩ ද සලසාගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.