• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කරදීම
- ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්තපුරවල ‍ආයෝජනය කිරීම සඳහා සුදුසු කර්මාන්තකරුවන් තෝරා ගැනීම පිණිස පුවත්පත් දැන්වීම් මඟින් යෝජනා කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක්කරන ලද ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවල සහ අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුවේ නිර්දේශ පරිදි ලක්ෂ උයන, ත්‍රිකුණාමලය-අදියර 2, මඩකලපුව, මතුගම, හෝමාගම, රත්මලාන, මිල්ලෑව, ගලිගමුව, නාලන්ද එල්ලාවල, බුත්තල, කරන්දෙනිය, බටඅත, දංකොටුව, පුත්තලම, නාලන්ද හා උලපනේ යන ප්‍රාදේශීය කර්මාන්තපුරවල පිහිටි ඉඩම් කොටස්, කර්මාන්ත ව්‍යාපෘති 26ක් ඇති කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින් වෙත බදු පදනම යටතේ වෙන් කරදීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.