• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා දැනට භාවිත කරනු ලබන පැරණි ගොඩනැඟිල්ල මහජනතාව වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමට යෝග්‍ය බවය. එමෙන්ම දැනට විවිධ ස්ථානවල විසිරී පවත්නා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ප්‍රතිස්ථාපනය කිරීම මඟින් ගම්පහ නගරය තුළ පවතින අධික රථවාහන තදබදය අවම කිරීමටද හැකි වනු ඇත.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා වර්ග අඩි 200,000කින් පමණ සමන්විත මහල් හතක (07) ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 2,960ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.