• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සබරගමුව පළාතේ රෝහල් සංවර්ධනය කිරීම
- ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 9% ක් පමණ ජීවත්වන සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එම පළාතේ පිහිටි ප්‍රධානතම රෝහල් වන රත්නපුර පළාත් මහ රෝහලේ සහ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධික තදබදයක් පවතින බැවින්, ජනතාවට පහසුවෙන් ලඟාවිය හැකි ගුණාත්මක සෞඛ්‍ය සත්කාර සේවාවක් සැපයීම සඳහා මාවනැල්ල, කරවනැල්ල, බලංගොඩ හා කලවාන යන මූලික රෝහල් සහ රඹුක්කන හා ඇහැළියගොඩ යන ප්‍රා‍ෙද්ශීය රෝහල් සංවර්ධනය කිරීම අවශ්‍ය වේයැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව එම රෝහල්වල විවිධ සායන හා ප්‍රතිකාර ඒකක අලුතින් පිහිටුවීමටත්, එකී සෑම රෝහලකම ඇඳන් සංඛ්‍යාව 250 කින් පමණ ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 1,547 ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.