• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය, අලෙවි මධ්‍යස්ථානය හා ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථානය එක් ගොඩනැඟිල්ලක ස්ථාපනය කිරීම
- අනුරාධපුර නග‍රයේ විවිධ ස්ථානවල ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාලය, අලෙවි මධ්‍යස්ථානය හා ඖෂධ මිල දී ගැනීමේ මධ්‍යස්ථානය එකම පරිශ්‍රයක් තුළ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හඳුනා‍ගනු ලැබ ති‍ෙබ්. ඒ අනුව, සීමාසහිත ලංකා සළුසල සමාගමට බදු පදනම මත ලබා දී ඇති, අනුරාධපුර, මහජන ක්‍රීඩාංගණ මාවතේ පිහිටි රජයේ ඉඩම් කොටස හා දැනට අතහැර දමනු ලැබ ඇති එහි පිහිටි ගොඩනැඟිල්ල එම කාර්යය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත පවරා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.