2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
අතිනවීන ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම - දැනුම මත පදනම් වූ සමාජයක් හා ආර්ථිකයක් කරා වන ගමනේදී විද්‍යා සංස්කෘතියක් රටක පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳව පොදු ජනතාවගේ දැනුම හා අවබෝධය වැඩිදියුණු කර ලීම සඳහා අංග සම්පූර්ණ විද්‍යා මධ්‍යස්ථාන පිහිටුවීමට ලොව බොහෝ රටවල් විසින් කටයුතු කරනු ලැබ තිබේ. එබැවින්, අත්හදා බැලීම් ආදී ක්‍රියාකාරකම් සඳහා ඉඩ සලසමින්, විශේෂයෙන්ම පාසල් දරුවන්ට විද්‍යා දැනුම ලබා දීම අරමුණු කරගත් නවීන පහසුකම් සහිත ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි තාක්ෂණපුරයෙන් වෙන් කරවා ගනු ලැබ ඇති ඉඩම් කොටසෙහි, රුපියල් මිලියන 2,550 ක පිරිවැයකින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |