• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නායයෑමේ දැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ස්ථිර කාර්යාල පිහිටුවීම
- ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (National Building Research Organization - NBRO), නායයෑම් හා ඒ ආශ්‍රිත කටයුතු අධ්‍යයනය කිරීම, ආපදා අවදානම් කලාප සිතියම්ගත කිරීම, පිළිබඳව දැනුම්වත් කිරීම, පූර්ව අනතුරු ඇඟවීම, නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල ඉදි කිරීම් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීම ඇතුළු කාර්යයන් කොළඹ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය මඟින් සහ නායයෑමේ දැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්ක 09 ක පිහිටුවා ඇති දිස්ත්‍රික්ක කාර්යාල මඟින් සිදු කෙරේ. මෝසම් වර්ෂා රටාවේ වෙනස් වීම් හේතුවෙන් ඇතිවන අධික වර්ෂාව නිසා නායයෑම් හා බෑවුම් කඩාවැටීමේ අවදානම පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බැවින් සිය සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව ලබා දිය හැකි වන පරිදි, නායයෑමේ දැඩි අවධානමක් සහිත තෝරාගත් දිස්ත්‍රික්ක දෙකක නවීන විද්‍යාගාර පහසුකම් සහිත ස්ථිර කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරීමත්, ඉන් අනතුරුව, අවශ්‍යතාවය අනුව අනෙකුත් දිස්ත්‍රික්කවලද එම පහසුකම් ඇති කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.