• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉඩ පහසුකම් සලසා දීම
- දැනට විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වා ගෙන යනු ලබන කොළඹ 01 පිහිටි ජනරජ ගොඩනැඟිල්ලේ ඇති කාර්යාල ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මුහුණ දී ඇති අපහසුතා මඟහරවා ගැනීම පිණිස තවත් වර්ග අඩි 30,000ක පමණ ඉඩ ප්‍රමාණයක් ලබාගැනීම අවශ්‍ය වී තිබේ. ඒ සඳහා ජනරජ ගොඩනැඟිල්ලට යාබදව පිහිටි ඕලන්ද සමයේදී ඉදි කර ඇති මෑතක් වන තෙක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන ලද ගොඩනැඟිල්ල ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය මඟින් අලුත්වැඩියා කරගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.