• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල, මහමෝදර මාතෘ රෝහලේ වැඩ අවසන් කිරීම සඳහා අතිරේක මූල්‍යාධාර ලබාගැනීම
- සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූ ගාල්ල, මහමෝදර මාතෘ රෝහලේ සංවර්ධන කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් අවශ්‍යවන මූල්‍ය සහාය ලබා දීමට ජර්මානු රජය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන යුරෝ මිලියන 13ක් දක්වා වන පරිපූරක ණය පහසුකම් ලබාගැනීම සඳහා ජර්මනියේ පුනර්නිර්මාණි බැංකුව (KfW) සමඟ ණය සම්මුති සාකච්ඡා පවත්වා ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.