• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව සම්ප්‍රදායික තාක්ෂණ උරුම කෞතුකාගාරය සහ තොරතුරු මධ්‍යස්ථානය
- සාමාන්‍ය කෞතුකාගාරයකින් වෙනස්ව මෙරට අතීත නගර හා උද්‍යාන නිර්මාණය, වාරි තාක්ෂණය, ඉපැරණි ජල ප්‍රවාහන ක්‍රම, ආහාර සුරක්ෂිතතා ක්‍රම, ප්‍රවාහන ක්‍රම, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සාම්ප්‍රදායික තාක්ෂණික උරුමය විදහා දක්වන උරුම කෞතුකාගාරයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා වන සාම්ප්‍රදායික තාක්ෂණික ක්ෂේත්‍රයේ හා රාජ්‍ය පාලනයේ වැදගත් සන්දිස්ථාන ඇතුළත් මැදිරිවලින් සමන්විත උරුම කෞතුකාගාරයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.