• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ හෙද විදුහලේ, මහල් පහකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- උසස් රෝගී සත්කාරක සේවාවක් ලබා දීමේදී හෙද නිලධාරින්ගෙන් දායකත්වය ඉතා අත්‍යවශ්‍ය වේ. විද්‍යාත්මක දැනුම හා යාවත්කාලීන තොරතුරු පිළිබඳ අවබෝධයක් සහිත, දක්ෂතාවලින් පිරිපුන් පුහුණු හෙද නිලධාරින් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා හෙද පුහුණු පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ.

1939 වර්ෂයේදී ස්ථාපනය කරන ලද කොළඹ, හෙද පුහුණු පාසල මෙරට ඇති ප්‍රධානතම හෙද පුහුණු පාසලක් වන අතර එහි වර්තමාන පහසුකම් ප්‍රමාණවත් වන්නේ වර්ෂයකට හෙද හෙදියන් 100 දෙනෙකු පුහුණු කිරී‍ම සඳහා පමණි. එබැවින් වර්ෂයකට හෙද සිසුන් 600ක් පමණ පුහුණු කළ හැකි වන පරිදි කොළඹ හෙද පුහුණු පාසලේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මහල් පහකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.