• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදි කිරීම් ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ප්‍රවාහය ඉහළ නැංවීම -
- යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ඉතා ඉහළ අවධානයක් යොමු කරනු ලැබ තිබේ. එහිදී අවශ්‍ය ගුණාත්මක තත්ත්වය පවත්වා ගනිමින් එකඟ වූ කාලසීමාව සහ පිරිවැය ඇතුළත යටිතල පහසුකම් ව්‍යාපෘති සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වේ. රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ඇතැම් යටිතල පහසුකම් ව්‍යාපෘතිවල නිරත දේශීය කොන්ත්‍රාත්කරුවන් විවිධ හේතු නිසා මුදල් යෙදවීමේ අපහසුතාවන්ට මුහුණ දී ඇත. එය ඔවුන් භාර ගත් වැඩකටයුතු නියමිත කාලසීමාව තුළ ගුණාත්මක තත්ත්වයෙන් යුතුව නිම කිරීමට බාධාවක්ව ඇති බව හඳුනා ගනු ලැබ තිබේ.

මෙයට පිළියමක් වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ප්‍රවාහය පහසු කිරීම සඳහා සුදුසු යන්ත්‍රණයක් හඳුන්වා දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.