• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා අවශ්‍ය දියර පෙට්‍රෝලියම් ගෑස් මිල දී ගැනීම
- 80%ක වෙළඳපොළ කොටසක් හිමි, මෙරට විශාලතම එල්පී ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මඟින් බෙදාහැරීම සඳහා අවශ්‍ය එල්පී ගෑස් අන්තර්ජාතික තරගකාරී ලංසු ක්‍රමය මඟින් මිල දී ගනු ලැබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 1ක් සවුදි ඇරැම්කෝ ගිවිසුම් මිලට ඇමරිකානු ‍ඩොලර් 47.50ක් එක් කළ මිලකට බැගින්, 2017 - 2018 වර්ෂය සඳහා එම සමාගමට අවශ්‍ය එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 300,000ක් M/s Shell International Eastern Trading Company වෙතින් මිල දී ගැනීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.