• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් ඉදි කිරීම.
- කොළඹ නගරයේ ක්‍රියාත්මක කෙරෙන 'නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය' යටතේ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් ඉදි කිරීම සඳහා සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙතින් යෝජනා කැඳවනු ලැබ තිබේ. ඒ අනුව ලංසු කරුවන් 05 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එම යෝජනා ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සැලසුම් කර ඉදි කිරීමේ පදනම මත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 395ක මුදලකට සුබසිංහ කන්ට්‍රැක්ටර්ස් ඇන්ඩ් අර්ත් මුවර්ස් ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.