• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහා පූර්ණ දේහ පරිලෝකන MRI (Whole Body MRI Scanner) යන්ත්‍රයක් සැපයීම හා ස්ථාපනය කිරීම
- මොළයේ හා මධ්‍ය ස්නායු පද්ධතියේ විවිධ රෝගී තත්ත්වයන් මෙන්ම පියයුරු හා හෘද රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා කරනු ලබන විමර්ශනවලදී MRI ප්‍රතිබිම්බන ලබා ගැනීම අවශ්‍ය වේ. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මඟින් ලබා දෙනු ලබන ප්‍රතිකාර සේවාවන්ගේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් එම මහ රෝහල සඳහා 3.0 ටෙස්ලා පූර්ණ දේහ පරිලෝකන MRI (Whole Body MRI Scanner) යන්ත්‍රයක් මිල දී ගැනීම අවශ්‍ය බව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, ඒ සඳහා විවෘත අන්තර්ජාතික ලංසු කැඳවනු ලැබ ඇති අතර ලංසු 03 ක් ඉදිරිපත්ව තිබේ. එම ලංසු ඇගයීමට ලක් කරන ලද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Dimo (Pvt) Ltd වෙත රුපියල් මිලියන 45 කට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.