• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වන අතර ඖෂධ මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමටද එමඟින් ඉඩකඩ සැලසෙයි. ඒ අනුව, රෝහල් සඳහා අවශ්‍ය නැවුම් හා උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ ද්‍රව්‍ය කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.

මේ සඳහා ප්‍රතිචාර දක්වා ඇති ආයෝජකයින් 24 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 36ක් අතුරින් සාර්ථක යෝජනා 31 පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම කරුණ සම්බන්ධයෙන් පත් කරන ලද භාණ්ඩාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, එකී සාර්ථක යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින් සමඟ රාජ්‍ය - පෞද්ගලික පදනම මත බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.