• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හලාවත මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
- පහසුවෙන් ළඟා විය හැකි, ඉහළ ප්‍රමිතියකින් යුත් රෝගී සත්කාරක සේවාවක් ලබා දීම මඟින් හදිසි අනතුරු හේතුවෙන් සිදු වන මරණ සහ ආබාධිතවීම් වළක්වාගැනීමේ අරමුණින් හලාවත මහ රෝහලෙහි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ඒකකය ඉදි කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු ඉදිරිපත් වී ඇත.

එකී ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s AMSK Construction (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 501.2ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.