• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ සහ රුහුණ යන විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන ගොඩනැඟිලි ඉදි කිරීම
- කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ තොරතුරු හා ඉගෙනුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 516.54ක මුදලකට සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම වෙතද, රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ දෙවන අදියර සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 198.02ක මුදලකට එම්.ඩී.ටී. කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙතද, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.