• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය සඳහා ගුවන් ගමන් පාලන සිමියුලේටර පුහුණු පද්ධතියක් සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම
- සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය සඳහා ගුවන් ගමන් පාලන සිමියුලේටර පුහුණු පද්ධතියක් සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ තීරණය සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Adacel Technologies Limited ආයතනය වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.