• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා ශිෂ්‍යාධාර ලබාදීම
- භික්ෂූන් වහන්සේලාට ක්‍රමවත් හා විධිමත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා මෙරට ගොඩනැඟුණු සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය පිරිවෙන් අධ්‍යාපනයයි. මූලික පිරිවෙන්, මහ පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් වශයෙන් පිරිවෙන් 758ක් වර්තමානයේ දිවයින පුරා ක්‍රියාත්මක වේ. මෙම පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාගේ අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශිෂ්‍යාධාරයක් ලබා දීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී.

ඒ අනුව, පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සුබසාධන කටයුතු, පොත්පත් හා උපකරණ සපයා ගැනීම, විෂය බාහිර වැඩසටහන්, කුසලතා සංවර්ධන කටයුතු, ඉංග්‍රීසි භාෂා ‍දැනුම වර්ධනය කිරීම හා ගමන් වියදම් දැරීම යන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා යොදා ගැනීම පිණිස 'ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානයක්' ඒ ඒ පිරිවෙන්හි කෘත්‍යාධිකාරි ගිණුමට ලබා දීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.