• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීම
- ශ්‍රී ලංකාව 1991 වර්ෂයේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සත් කර අපරානුමත කරනු ලැබ ඇති අතර, ඒ අනුව ළමුන්ගේ අයිතිවාසිකම් උපරිම ආකාරයෙන් තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී. එකී ප්‍රඥප්තිය යටතේ වන බැඳීම් ක්‍රියාත්මක කිරීමේ වගකීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට පැවරී ඇති අතර, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය යන ආයතන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති නිලධාරින් මඟින් එකී කාර්යයන් ක්‍රියාවට නැංවීමට පියවර ගනු ලැබ ඇත.

එම ප්‍රඥප්තියේ 40වන වගන්තිය යටතේ පසු විපරම් හා වාර්තාකරණ ක්‍රියාවලිය සඳහා ජාතික මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ හා ප්‍රාදේශීය මට්ටමේ මෙහෙයුම් කමිටු පිහිටුවීමට 2000 වසරේදී පියවර ගනු ලැබ ඇත. වර්තමාන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එම මෙහෙයුම් කමි‍ටුවල සංයුතිය හා කාර්යභාරය පුළුල් කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.