• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුහුදේ කූඩු තුළ මුහුදු මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාවේ කොන්ටිනෙන්ටල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම සහ ‍නෝර්වේ රාජ්‍යයේ කොන්ටිනෙන්ටල් සිලෝන් සී ෆුඩ් ඒ. එස්. සමාගම එක්ව පිහිටුවා ගෙන ඇති ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම විසින් විවෘත මුහුදේ කූඩු තුළ මසුන් වගා කිරීමේ තාක්ෂණය යොදා ගනිමින් ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් සහිත මොදා, පොම්පානු (වව්වාලයා) හා කොස්සා යන මත්ස්‍ය විශේෂ වාණිජ මට්ටමින් වගා කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙය ඉහළ පාරිසරික සංරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සහ නවීන තාක්ෂණය භාවිත කරමින් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

ඉහළ ශක්‍යතාවක් ඇති ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කොඩ්ඩියාර් ප්‍රදේශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් දේශීය මුහුදු තීරයේ හෙක්ටයාර 150ක මුහුදු ප්‍රදේශයක් ග්ලෝබල් සිලෝන් සී ෆුඩ් (පෞද්ගලික) සමාගම වෙත 30 අවුරුදු බදු පදනම මත ලබා දීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.