• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම - අරුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය අවසන් වශයෙන් බැහැ‍ර කිරීමේ පහසුකම් ස්ථාපිත කිරීම
- මීතොටමුල්ල විවෘත කසළ බිමෙහි සිදු වූ හදිසි කඩා වැටීම හේතුවෙන් උද්ගත වූ තත්ත්වය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම අර්බුදයක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය තුළ දැනටමත් අනුමැතිය ලබා දී ඇති පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම අවශ්‍ය වේ.

ඒ අනුව, මෙම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට අදාළ කසළ හුවමාරු මධ්‍යස්ථාන, සනීපාරක්ෂක බිම් පිරවුම් හා දුම්රිය මාර්ග සම්බන්ධතා ඉදි කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමටත්, එහි කසළ බැහැර කිරීමේ කටයුතු 2020 වර්ෂය වන විට ආරම්භ කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.