• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල නගරයේ නව ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
- ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම සමස්ත දකුණු පළාතටම අදාළ ඇතැම් රාජ්‍ය උත්සව, සම්මන්ත්‍රණ, සම්මේලන, මහජන රැස්වීම් හා සාකච්ඡා ආදිය ගාල්ල නගරය ආශ්‍රිතව පැවැත්වේ. මෙම කටයුතු සඳහා වර්තමානයේ බොහෝ විට භාවිත කෙරෙනුයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් Hall de Galle නමැති ශාලාව වන අතර එහි පවතින පහසුකම් සහ ඉඩකඩ එවැනි කටයුතු සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ශ්‍රවණාගාරයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, ගාල්ල නගරය තුළ පැවැත්වෙන එවැනි කටයුතු සඳහා පොදු ශ්‍රවණාගාරයක් වශයෙන් භාවිත කිරීම පිණිස නවීන පහසුකම් සහිත ආසන 2,000කින් සමන්විත ශ්‍රවණාගාරයක් දකුණු අධිවේගී මාර්ගයට ප්‍රවේශවීමට ඇති මාර්ගයට යාබදව ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.