• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීම
- රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර ඒවායේ සාර්ථක විය හැකි බව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ක්‍රියාශීලී ප්‍රතිපත්තීන් නිර්මාණය කිරීමට මෙන්ම ප්‍රතිපත්තීන්හි ස්ථිරභාවය හරහා ඵලදායී රාජ්‍ය සේවාවක් සැපයීම ඉලක්ක කරගනිමින් යෝජිත සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය යටතේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කර නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.