• Increase font size
  • Default font size
  • Decrease font size

2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා කුඩා පාලම් ඉදි කිරීම
- ඉතාම අනාරක්ෂිත තාවකාලික ඒදඬු භාවිතයෙන් ඇළදොළ ආදිය හරහා ගමනාගමනය සිදු වන ස්ථාන 1,500ක් සහ කිසිදු ආරක්ෂිත පිළියමක් නොමැතිව දුෂ්කර ලෙස ගංගා, ඇළදොළ ආදිය තරණය කරමින් ගමනාගමනය සිදු කෙරෙන ස්ථාන 500ක් පමණ ශ්‍රී ලංකාවේ අතිදුෂ්කර ප්‍රදේශවල තිබෙන බව නිරීක්ෂණය කර තිබේ. එබැවින් මෙවැනි දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ලෙස ගමන් පහසුව සලසා දීමේ අරමුණින් කුඩා පාලම් ඉදි කිරීම අවශ්‍ය වේ. මේ සඳහා ඉතා අඩු වියදමක් යටතේ, කල් පවතින කුඩා පාලම් (Foot Bridges) විශේෂයක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර අත්හදා බැලීමට ඉංජිනේරු පර්යේෂණ හා තාක්ෂණ ආයතනය (NERDC) සමත්ව ඇත.

ඒ අනුව, ඉතා අනාරක්ෂිත ලෙස ගංගා, ඇළදොළ ආදිය තරණය කරමින් ජනතාව ගමනාගමනය සිදු කරන ස්ථාන හඳුනාගෙන, එම ස්ථානවල මෙවැනි පාලම් 1,000ක්, ඉදිරි වර්ෂ තුන (03) තුළ ඉදි කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.